බින්තැන්නේ නටබුන් රැසක් කැලෑවට යටවී විනාශයි

බින්තැන්නේ නටබුන් රැසක් කැලෑවට යටවී විනාශයි

ඉපැරැණි ස්තූපයක් නිදන් හොරුන් වනසලා

මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිගාමඩුලු බින්තැන්නේ ඓතිහාසික තොරතුරු විදහා දක්වන පැරැණි පුදබිමක නටබුන් රැසක් මහඔය කැකිරිහේන හන්දියෙන් හැරී වරාපිටිය දක්වා විහිදෙන මාර්ගය සමීපයේ පිහිටි ඇල්ලේගොඩ වනබිමේදී දැක ගත හැකිය.

දෝවන ගලක්

වනබිමේ පිහිටි නටබුන්

ගල් කණු

අක්කරයක පමණ භූමි භාගයක් පුරා වනවදුලේ කැලෑවට යටවී යමින් තිබෙන සඳකඩ පහන, කොරවක් ගල්, ගල් බැමි, ගල් කණු සිරිපා සටහන් කෙටූ ගල් පුවරු ආදියෙන් යුක්තය. මෙහි ඇති ස්තූපය ගරා වැටී තිබී පසුව නිදන් හොරුන් හාරා විනාශ කර දමා ඇති බව පෙනේ.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව පාළු වනබිමක පිහිටි මෙම නටබුන් ස්ථානය ආසන්නව වැව් බැම්මක් ද ජලය ගලා යෑමට සැකසු ඇළ මාර්ගයක්ද දක්නට ඇත.

මෙතෙක් පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්ව නැති මෙම ස්ථානය පුරාවිද්‍යා බිමක් බවට පත් කර ආරක්ෂා කිරීම වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා