මුද්‍රණය සඳහා

 
‘බැලුන්ගලට’ මුවාවී ගසා කෑවැයි බොරු මාධ්‍යවේදියා රිමාන්ඩ්

‘බැලුන්ගලට’ මුවාවී ගසා කෑවැයි බොරු මාධ්‍යවේදියා රිමාන්ඩ්

පෞද්ගලික ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක මාණ්ඩලික මාධ්‍යවේදියකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ දූෂණ ක්‍රියාවල යෙදෙන්නන් බියගන්වා මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවකු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නෙත් එෆ්. එම්. ගුවන්විදුලියේ බැලුම්ගල වැඩසටහනෙන් පහර නොදී සිටීම සඳහා සැකකරු මෙසේ පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන තිබේ.

උතුර බුත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මොහු මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට ප්‍රදේශයේ සිදුවන විවිධ දූෂණ ක්‍රියා පිළිබඳ තොරතුරු රැස්කර පසුව ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව පවසා, පුද්ගලයන් බියගන්වා මුදල් ලබාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ සැක සිතූ අයෙක් සිද්ධිය පිළිබඳ පොලිසියට ලබා දුන් තොරතුරු අනුව සැකකරු දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පෙරේදා (17) අත්අඩංගුවට පත්ව ඇත. දෙනියාය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]