බලශක්ති සම්බාධක තදින්ම ක්‍රියාත්මකයි

බලශක්ති සම්බාධක තදින්ම ක්‍රියාත්මකයි

ජී 8 නායකයන්ගෙන් ඉරානයට ප්‍රබල පණිවුඩයක්

අමෙරිකාවේකෑම්ප්ඩෙවිඩ්හීපැවැත්වෙන ජී-8 සමුළුවේදී ඊට සහභාගි වූ රටවල නායකයන්සෙනසුරාදා ඉරානයට ප්‍රබල පණිවුඩයක් නිකුත්කරමින් බලශක්ති සම්බාධක තදින්ම ක්‍රියාත්මක කරන බවට අවධාරණය කර ඇත .

අමෙරිකාවේ කෑම්ප් ඩේවිඩ් හිදී පැවැත්වෙන ජී 8 සමුළු නියෝජිතයන් අමතන ජනාධිපති ඔබාමා.

මේ අතර ලෝක බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යන බවටද ප්‍රතිඥා දී තිබේ. මේ අනුව ලබන බදාදා බැග්ඩෑඩ් හීදී ආරම්භවීමට නියමිත ඉරානය සහ ලෝක නායකයන් අතර පැවැත්වෙන ඉරාන බලශක්ති වැඩසටහන පිළිබඳ මීළඟ සාකච්ඡා වටයේදී එරටට දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි වාර්තා වේ.

යුරෝපා හවුලේ රටවල තෙල් තහනම ජූලි 1 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මේ අතර ජී8 නායකයන් ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමත් ඒ තුළින් පුළුල්යුද්ධයක් ඇවිළී යාමේ ඉඩකඩත් කෙසේ හෝ වළකාගැනීමේ දැඩි ප්‍රයත්නයක ද යෙදී සිටී.

අමෙරිකන් ජනාධිපති බැරැක් බාමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ රුසියාව සහභාගිවේ. මේ වසරේ විශේෂත්වය වී ඇත්තේ රුසියන් ජනාධිපති ඊට සහභාගි නොවීමයි. ඒ වෙනුවට සහභාගි වී ඇත්තේ රුසියන් අගමැතිවරයායි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා