අප රට දෙස බලා ආඩම්බර විය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 මැයි 24 කොළඹ දී.



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතුයැයි
ප්‍රකාශ කරමින්

මෙරට කටයුතුවලට ඇඟිලි ගහන්න ෆොන්සේකා නොරටුන්ට අත වනනවා

ජනමාධ්‍ය ඇමැති කෙහෙ‍ළිය රඹුක්වැල්ල

උතුරේ හමුදා කඳවුරු ඉවත්කළ යුතු බවට සරත් ෆොන්සේකා මහතා කරනු ලබන ප්‍රකාශ මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට වෙනත් රටවලට වක්‍රාකාරයෙන් ආරාධනා කිරීමක් බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙ‍ළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. තමන්ට ලැබුණු නිදහසෙන් හා අවස්ථාවෙන් කවුරුන් හෝ.....

විස්තර »

අපේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා

ඕස්ට්‍රේලියාවෙන් රුපියල් කෝටි 460 ක්

නවීන ලෝකයට ගැළපෙන පරිදි ගුණාත්මක අධ්‍යාපනයක් ශ්‍රී ලාංකීය දරු පරපුර වෙත ලබාදීම සඳහා රුපියල් කෝටි 460 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩපිළිවෙලක් වෙනුවෙන් පිරිනැමෙන මේ ආධාරය ලෝක බැංකුව හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන අතර.....

විස්තර »

මේ වසරේ සමෘද්ධි සහනාධාරයට
රුපියල් මිලියන 12,794ක මුදලක්

ආර්ථික සංවර්ධන නි‍. ඇමැති
ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මේ වසරේ සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා රුපියල් මිලියන 12,794ක මුදලක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 33ක වැඩිවීමක් බව......

විස්තර »

18න් පහළ පාසල් ක්‍රීඩකයන්ට
විස්සයි 20 ක්‍රිකට් තහනම්

විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාව අවුරුදු 18න් පහළ පාසල් ක්‍රීඩකයන්ට තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹිණි.ඒ අනුව එම වයස් සීමාවේ ක්‍රීඩකයන් විස්සයි 20 ක්‍රිකට් තරගවලට සහභාගි නොකරන ලෙස රටපුරා සියලු විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දීමට තීරණය විය.

විස්තර »

අලුත්ගම මැණික් කොල්ලයේ
සැක දෙදෙනෙක් අත්අඩංගුවේ

අලුත්ගම මොරගොල්ල සංචාරක පුරයේ මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් කෝටි පහමාරක මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්....

විස්තර »

පිය-පුතු මළ සිරුරු හල්වතුර ගඟේ

පුතුගේ වයස අවුරුදු 8 යි

ඇල්පිටිය ඇත්කඳුර පහළගස්ගොඩ පදිංචිව සිටි පියකුගේ සහ පුතකුගේ මළසිරුරු දෙකක් අම්බලන්ගොඩ තලගස්ගොඩ ප්‍රදේශයේ හල්වතුර ගඟේ....

විස්තර »

කොළඹ මසට හොර හරක් ලොරි 60ක්

කුරුණෑගලින් ඇල්ලූ ගවයන් 2500 කට
පොලිසියෙන් අභය දානය

ඝාතනය කිරීම සඳහා හොර රහසේ කොළඹට ප්‍රවාහනය කරමින් සිටි ගවයන් දෙදහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේදී බේරා ගැනීමට පොලිසිය සමත් වෙයි.වසරකටත් අඩු කාලයක් ඇතුළත ගවයන් මෙතරම් විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකිවු ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

විස්තර »

මිල කළ නොහැකි කිරිගරුඬ
බුදු පිළිමයක් සමඟ 4ක් දැ‍ලේ

ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ නිවසක විකිණීමට සූදානම් කර තිබු මිල කළ නොහකි පෞරාණික කිරි ගරුඬ බුදු පිළිමයක් සැකපිට සිව් දෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හෙබරව, ඇල්හේන්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ පිළිමය කිලෝ 25 යි ග්‍රෑම් 400 ක් පමණ බර බව පොලිසිය කියයි.

විස්තර »

අනතුරකට ලක්ව සුවය ලබා පැමිණ සිටින තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙ‍ළිය රඹුක්වැල්ල මහතා තමා හමුවන්නට පැමිණි මහනුවර ජනතාවට ආචාර කළ අයුරු. නි. ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මෙහි සිටියි.

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

 
මලේ මලේ රන් ඉල්ලම් හොයා වරෙන්
ගං පතුලටම බැස රන් වැලි අරන් වරෙන්
කැලණි ගඟේ යන එන ඔරු බලා ‍ වරෙන්
රන් හම්බුනොත් පට් ගාලා ගෙදර වරෙන්
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast