සරුංගලය ගන්න පස්සෙන් පස්සට ගිය හරිසක වහලයෙන් බිමට වැටුණා

* පියා මිය ගිහින් * අම්මා පිටරට  * බලා ගත්තෙ ආච්චි

සරුංගලය ගන්න පස්සෙන් පස්සට ගිය හරිසක වහලයෙන් බිමට වැටුණා

මිය ගිය එම්.එස්. හරිසක ජයලත්

විරාජ් ජයසිංහ සිසුවා සාක්කි දෙයි

බදාදා සවස හතරහමාරට විතර ඉස්සරහ ගෙදර හරිසක සරුංගල් උඩ අරිමින් සිටියා. වහලය උඩට වී සරුංගලය යවන විට එය බිමට වැටුණා. ඒක ගන්න වහලේ පස්සෙන් පස්සට ලනුව ඇදගෙන යන විට බිමට ඇද වැටුණා යැයි සිද්ධිය ඇසින් දුටු විරාජ් ජයසිංහ ශිෂ්‍යයා පැවසීය.

සරුංගලයක් යැවීමට නිවසේ වහලයට නැග සිටියදී බිමට වැටීම නිසා මරණයට පත් නිශ්ශංකමල්ල ග්‍රාමයේ පදිංචි එම්. එස්. හරිසක ජයලත් (12) සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිද්ධිය විස්තර කරමින් මේ බව සඳහන් කළේය.

මේ සිද්ධියෙන් මිය ගියජයලත් සිසුවාගේ මවවිදේශගතව සිටී. පියා හදිසි අනතුරකින් මිය ගොස් ඇත. නිශ්ශංකමල්ල පුර ගමපදිංචි ජයලත් සිසුවාගේ ආච්චි කෙනෙකුගේ රැකවරණයේ සිට පොළොන්නරුව ගල්තඹරාව කනිෂ්ඨ විදුහලේ ඉගෙනුම ලබමින් සිටියේය.

සිද්ධිය විස්තර කළ විරාජ් ජයසිංහ ශිෂ්‍යයා මෙසේද කීය. වහලේ උඩ සිට බිමට වැටී එල්ලී තිබුණ සරුංගලය නැවතත් උඩට ගැනීමට හරිසක ලනුව අල්ලාගෙන වහලේ පස්සෙන් පස්සට ගියා.

සිසුවාගේ මළ සිරුර හා ඥාතීන්

ඒ සමගම බිමට වැටුණා. මම දුවගෙන එතැනට ගියා. එයා එතකොට කෙඳිරි ගාමින් සිටියා. කථා කළේ නැහැ. මම එයාලගෙ ආච්චිට මේ බව කීවා. ඉන් පසු අසල්වැසි අයියලා ඇවිත් මෝටර් සයිකලයකින් පොලොන්නරුව මහ රෝහලට රැගෙන ගියා.

පොළොන්නරුව නාගරික හදිසි මරණ පරීක්ෂක චමින්ද ලක්මාල් මහතා මරණ පරීක්ෂණය පැවැත්වීය. පොළොන්නරුව පොලිසියේ 51052 මුණසිංහ මහතා සාක්ෂි මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා