මුද්‍රණය සඳහා

 
අන්තර්ජාල‍යෙන් ඩොලර් මිලියන ගණන් වංචා කළ චීන්නු 17ක් පිටුවහල්

අන්තර්ජාල‍යෙන් ඩොලර් මිලියන ගණන් වංචා කළ චීන්නු 17ක් පිටුවහල්

මේ රට තුළ අන්තර්ජාලය භාවිතා කරමින් චිනයේ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුම්වලින් ඇමරිකන් ඩොලර් මිලියනගණන් වංචා කළ බව කියන සැකකාර චින ජාතිකයින් 17 දෙනෙකු ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (25) නියම කළේය.

ච්නයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයින් වන චින ජාතික කාන්තාවන් 6ක් හා තරුණයින් 11දෙනෙකු මෙසේ පිටුවහල් කිරිමට නියම විණ. මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා මෙහිදි රහස් පොලිසියට දැනුම් දුන්නේය

.බ්‍රිජින් ජාත්‍යන්තර පොලිසියේ ස්ථානාධිපති ෂැන් විකැන් මහතා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ ‍පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් මෙම සැකකරුවන් 17දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් චින ජාතික කාන්තාවක් වන ශාන් විචේන් නම් අයට අයත් බැංකු ගිණුමක රුපියල් 12,661,000ක මුදලක් අන්තර්ජාලය භාවිතා කරමින් මෙලෙස වංචා කර ඇත.

අන්තර්ජාලයේ වොයිස් චැට් මගින් සැකකරුවන් තොරතුරු ලබාගෙන මෙම වංචාව සිදු කර ඇත.අයි පි අංක සම්බන්ධ විමර්ශන පැවැත්විමේදි ලංකා කොම් ආයතනයට අයත් අන්තර්ජාල සේවා ලබා ගත් ග්‍රහකයින් තිදෙනෙකු පිළිබදව තොරතුරු පොලිසියට අනාවරණය වි තිබේ.

රාජගිරියේ පදිංචි ප්‍රසන්න විතානගේ යන අයට අයත් නිවෙසක සැකකරුවන් රැදි සිටියදි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඹහු දැනට තායිලන්තයේ පදිංචි බවට පොලිසියට කරුණු අනාවරණය වි තිබේ.

පිටස්තර පුද්ගලයින්ට නිවෙසට ඇතුළු විය නොහැකි ආකාරයට සැකකරුවන් නිවසේ ආරක්ෂක විධිවිධාන යොදා තිබු බවට පොලිසිය අධිකරණයට පැවසිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]