|
||
අනුරාධපුරයට පොසොන් සමයේ විශේෂ දුම්රියපොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ජූනි මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා විශේෂ දුම්රිය 24 ක් ධාවනයට යොදවන බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ. ආර්. රත්නායක මහතා පැවසීය. කොළඹ කොටුව - අනුරාධපුරය , මහව- අනුරාධපුරය , මාතර - අනුරාධපුරය අතර මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන අතර මීට අමතරව ධාවනය කෙරෙන දුම්රියන් සඳහා අමතර මැදිරි යොදවනු ලැබේ. 2 වැනිදා- කොළඹ කොටුවෙන් පස්වරු 1.35 පිටත්ව අනුරාධපුරයව යයි. 3 වැනිදා- අළුයම 3.45 ට උදේ 9ට පස්වරු 1.25 ට කොළඹ කොටුවෙන් පිටත්ව අනුරාධපුරයට ද,මාතරින් 11.30 ට පිටත්ව කොළඹ කොටුවට පැමිණ කොටුවෙන් පස්වරු 3.10 ට පිටත්ව අනුරාධපුරයටද, යයි. එදිනමකොළඹ කොටුවෙන් පස්වරු 5.50 ට, රාත්‍රී 7.30 ට හා11.15 ට පිටත්වන තවත් දුම්රිය 3ක් අනුරාධපුරයට යයි. 4 වැනිදා - මහවින් පාන්දර 2.45 ට පිටත්ව අනුරාධපුරයට ද, කොළඹ කොටුවෙන් පාන්දර3.45 ට හා උදේ 9 ට පිටත්ව අනුරාධපුරයට ,යයි. 5 වැනිදා - උදේ 9 ට කොළඹ කොටුවෙන් පිටත්ව අනුරාධපුරයට යයි. 3 වැනිදා (ආපසු පැමිණීම සඳහා) අනුරාධපුරයෙන් පෙරවරු 11.20 ට පස්වරු 6.05 ට පිටත්ව කොළඹට ද, 4 වැනිදා - උදේ 11.20 ට, පස්වරු 5.15 ට පිටත්ව කොළඹට ද, අනුරාධපුරයෙන් පස්වරු 6.05 ට පිටත්ව මාතරට ද, අනුරාධපුරයෙන් රාත්‍රී 7 ට,රාත්‍රී 8 ට, 8.10 ට, 9 ට, පිටත්ව කොළඹට ද 5 වැනිදා - අනුරාධපුරයෙන් 11.20 ට පිටත්ව මහවටද, අනුරාධපුරයෙන් පස්වරු 1.15 ට රාත්‍රී 7 ට පිටත්ව කොළඹ කොටුවට 6 වැනිදා - උදේ 8.25 ට අනුරාධපුරයෙන් පිටත්ව කොළඹට ද පැමිණේ 3, 4, 5 යන දිනයන් හි අනුරාධපුර මැදවච්චිය අතර දුම්රිය සේවාවක් පැවැත්වෙයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |