මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමයක් සමඟ 4ක් දැ‍ලේ

මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමයක් සමඟ 4ක් දැ‍ලේ

ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ නිවසක විකිණීමට සූදානම් කර තිබු මිල කළ නොහකි පෞරාණික කිරි ගරුඬ බුදු පිළිමයක් සැකපිට සිව් දෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හෙබරව, ඇල්හේන්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ පිළිමය කිලෝ 25 යි ග්‍රෑම් 400 ක් පමණ බර බව පොලිසිය කියයි.

සොයාගත් පිළිමය පිළිබඳ කිසිම තොරතුරක් තවම සොයාගෙන නැති බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් පිළිමය සමග සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අරලගංවිල හතේ කණුව විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව එහි පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සමග ගිරාඳුරුකෝට්ට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහාන්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් වැටලීම සිදු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා