පෞද්ගලික වෛද්‍ය රසායනාගාර නියාමනය කිරීම සඳහා පනතක්

පෞද්ගලික වෛද්‍ය රසායනාගාර නියාමනය කිරීම සඳහා පනතක්

පෞද්ගලික වෛද්‍ය රසායනාගාර නියාමනය කිරීම සඳහා පනතක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනී. මේ පනත කෙටුම්පත් කර වැඩිදුර අධ්‍යයනය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට මේ වනවිට බාරදී තිබේ.

පෞද්ගලික වෛද්‍ය රසායනාගාර නියාමනය කිරීම සඳහා මෙතෙක් නිසි වැඩපිළිවෙළක් නොතිබීම නිසා ඕනෑම පුද්ගලයකුට බාධාවකින් තොරව වෛද්‍ය රසායනාගාර පිහිටුවීමේ හැකියාව පැවතිණි.මේ නිසා ඒවායේ සේවය පිළිබඳ ගැටලු රැසක් පැන නැඟී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවලින් ලැබෙන සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීම හා ඒවා විධිමත් පරිදි නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය නව පනත සකස් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා