පුරාවස්තු හොරුන්ට නීති තද වෙයි

පුරාවස්තු හොරුන්ට නීති තද වෙයි

පුරාවස්තු කොල්ලකරුවන් සඳහා දඩ මුදල් රුපියල් 50000 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකිරීමටත් සිරගත කිරීම වසර දෙකේ සිට වසර 5 දක්වා වැඩි කිරීමටත් හැකිවන පරිදි පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා පාර්ලිමේන්තුව කල්තබන යෝජනාවට පිළිතුරු දෙමින් ඊයේ (25) ප්‍රකාශ කළේය.

නිදන් වස්තු මංකොල්ලය පිටුපස රජයේ කිසිවෙකු නැති බවත් කී ඇමැතිවරයා නිදන් වස්තු සොරා ගැනීම සම්බන්ධව අල්ලා ගත් සියලු දෙනාට නීතිමය පියවර ගෙන ඇති බවත් කීය.

පුරාවිද්‍යා වස්තු සුරක්ෂිත කිරීමේ පොලිස් ඒකකය පිහිටුවීමෙන් පසු සිද්ධි හා ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන ඇත. උසාවිවලින් දඩ මුදල් අයකරගෙන ඇති බවත් කීය. 2012 වර්ෂයේ පුරාවිද්‍යා වස්තු කොල්ලකෑම් 125 වාර්තා වී ඇතැයි කී ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 347 යි.

පුරාවිද්‍යා වස්තූන් රැක ගැනීමේ වැදගත්කම පුරාවිද්‍යා සතිය තුලදී මාධ්‍ය යොදාගෙන දැනුවත් කරනවා. පුරාවිද්‍යා පාසල් සංගම් පිහිටුවීමට කටයුතු කරනවා. පුරාවිද්‍යා වනසන්නන් පිළිබඳ තොරතුරු සපයන්නන්ට ත්‍යාග ලබා දෙනවා. පුරාවිද්‍යා ආරක්ෂා කරන්න සිවිල් ආරක්ෂක භටයන් යොදවන්න කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා