|
||
කෑගල්ල නව බස් නැවතුම්පළට වැසිකිළි පහසුකම් නැතිව ගැටලු
කෑගල්ල නව බස් නැවතුම්පොළට වසරක පමණ කාලයක සිට පොදු වැසිකිලියක් නොමැති නිසා මගී ජනතාවට නොයෙකුත් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී ඇත. මේ බස් නැවතුම්පළේ සිට මාර්ග 20ක, 25ක පමණ දිනපතා බස් ධාවනය සිදු වේ. පාසල් සිසුන් රාජ්‍ය සේවකයන් ඇතුළු මගී ජනතාව දහස් ගණනක් දිනපතා මෙහි ගැවසෙති. පොදු වැසිකිළියක් නොමැති නිසා බොහෝ දෙනෙක් ළඟ ඇති කාණුවක් අසල ස්ථානය ඒ සඳහා පාවිච්චි කිරීමට පුරුදු වී සිටිති. එබැවින් මේ බස් නැවතුම්පොළට පොදු වැසිකිළියක් ඉදිකර දීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි මගියෝ කියති. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |