රුපියල් දාහේ ව්‍යාජ නෝට්ටු මාරු කළ තරුණයෝ 2ක් කහවත්තේදී අත්අඩංගුවේ

රුපියල් දාහේ ව්‍යාජ නෝට්ටු මාරු කළ
තරුණයෝ 2ක් කහවත්තේදී අත්අඩංගුවේ

බදුල්ලේ සිට පැමිණ රුපියල් දහසේ හොර නෝට්ටු මාරුකරමින් සිටි තරුණයන් දෙදෙනකු රුපියල් දහයේ ව්‍යාජ නෝට්ටු 48 ක් සමඟ පැල්මඬුල්ලේදී අත්අඩංගුවට ගැනිණි.

පැල්මඩුල්ල ප්‍රදේශයේ වෙළෙඳ සල් හිමියකුට ඇතිවූ සැකයක් මත ප්‍රදේශවාසී තරුණයන් කිහිප දෙනකු මැදිහත්ව සැකකරුවන් පසුගිය 24 රාත්‍රියේ අල්ලා පොලිසියට බාර දී තිබේ.

ව්‍යාජ හොර නෝට්ටු ජාවාරමේ තොරතුරු ඉන්පසු හෙළිකර ගැනීමට කහවත්ත පොලිසිය සමත් විය.

ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම දෙදෙනා ව්‍යාජ නෝට්ටු මාරු කරමින් සිටි බව පරීක්‍ෂණවලදී අනාවරණය විය. කවරයක තිබූ රුපියල් දහසේ හොර නෝට්ටු 48 ක් පොලිසිය විසින් සොයා ගත්තේය. සත්‍ය නෝට්ටුද සැකකරුවන් ළඟ තිබුණි.

සංවිධානාත්මකව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති නිසා වැඩිදුර විමර්ශන සිදුකිරීමට කහවත්ත පොලිසියේ ස්ථානාධිපති නිමල් වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීහු බලන්ගොඩ ප්‍රදේශයට ගොස් සිටිති. ව්‍යාජ නෝට්ටු මාරු කළ වෙළඳසල්වල ට ගොස් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා