මුද්‍රණය සඳහා

 
අලුත්ගම මැණික් කොල්ලයේ සැක දෙදෙනෙක් අත්අඩංගුවේ

අලුත්ගම මැණික් කොල්ලයේ සැක දෙදෙනෙක් අත්අඩංගුවේ

අලුත්ගම මොරගොල්ල සංචාරක පුරයේ මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් කෝටි පහමාරක මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සමඟ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු මැණික් තොගයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ළඟ තිබූ මෙරට නිපදවූ ගල්කටස් තුවක්කු දෙකක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන අටක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන අන්දමට අලුත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් (37974) ජී. ඩබ්ලිව්. එන්. හරිස්චන්ද්‍ර මහතාට පෞද්ගලිකව ලද තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කෙරිණි.

දින 14 ක් ඇතුළදී සැකකරුවන් හා ස්වර්ණාභරණ හා මැණික් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මේ මංකොල්ලය සම්බන්ධයෙන් පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් දකුණ අයි. එම්. කරුණාරත්න, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක, අළුත්ගම සහකාර පොලිස් අධිකාරි එස්. ලක්ෂ්මන් වාහලතන්ත්‍රි යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් හා උපදෙස් පරිදි අළුත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර, මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතාන, අපරාධ අංශයේ ස්ථානාධිපති සුනේත් ශාන්ත, උප පොලිස් පරීක්ෂක ධම්මික, පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ, පොලිස් සැරයන් (31725) අතුල, පොලිස් කොස්තාපල් (37974) හරිස්චන්ද්‍ර ඇතුළු පොලිස් නිලධාරීන් විසින් වැටලීම් කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]