දේශපාලන කරළියට මං එනවා

දේශපාලන කරළියට මං එනවා

බෙනාසීර්ගේ පුතා කියයි

පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ් "මගේ මව මරා දැම්මා"යැයිකියමින් ඝාතනයට ලක් වු පාකිස්තාන නායිකා බෙනාසීර් භුතෝ ගේ පුත් බිලාවාල් භූතෝ තමාට හැකි හැම ආකාරයකින්ම සිය උපන්බිමේ දේශපාලන භූමිකාවක නියැළෙන බව කියා තිබේ.

2007 සිය මව ගේ පාකිස්තාන ආගමනයේදී ඇගේ ආරක්ෂාවට හානිවන අයුරින් මුෂාරෆ් ක්‍රියාකළ බවත් පාකිස්තානයේදී තමාගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට පමණක් මුෂාරෆ් කටයුතු කළ බවත් බිලාවාල් කියා ඇත. තවද තම මවට නුදුන් ඒ ආරක්ෂාව රජය විසින් තමන්ට ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කීය.

23 හැවිරිදි බිලාවාල් ඉකුත් වසරේ පාකිස්තානයට පැමිණියේ ඔක්ස්ෆර්ඩ්හි අධ්‍යාපන‍ය ලැබීමෙන් පසුය. සිය මවගේ ඝාතනයට ඉස්ලාමීය අන්තවාදීන්ගේ හා මුෂාරෆ් පාලනයේ ක්‍රියාකලාපය එකසේ බලපෑ බව බිලාවාල් කීවේය. "මගේ මව ඝාතනයට අල්කයිඩාව උපදෙස් දුන්නා.

එය ක්‍රියාත්මක ක‍ළේ තලේබානුවන් . ඒ අතර පර්වේස් මුෂාර‍ෆ් ඕනෑකමින්ම මගේ මව‍ගේ ආරක්ෂාව කඩාකප්පල් කළේ ඇය ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් තියෙන බව දැන දැන මයි "ඔහු කියා සිටියේය. "මුෂාරෆ් මගේ මව මරා දැම්මා.ඇය මරා දැමීමට වගකිව යුත්තේ ඔහුයි. අතීතයේදී ඔහු ම ඇයට තර්ජනය කර තිබුණා.

මගේ මවගේ ආරක්ෂාව බැඳී ඇත්තේ ඔහුගේ පාලනයට දක්වන සහයෝගය හා බැඳීම මත බව කී ඔහු හදිසි නීතිය පැනවීමෙන් ඇය අපහසුතාවට පත්කළ බව අපට පෙනුණා. පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඔහුට අවශ්‍ය වුණේ නැහැ.

ඒනිසා මගේ මව විසින් ඔහු විවේචනය කළා. ඒඅනුව ඔහු ඇගේ ආරක්ෂාව සිඳබිඳ දැම්මා "යැයි බිලාවාල් වැඩිදුරටත් කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා