කෝටියකට වඩා වටිනා වාහන 10ක් දිනකට ලියාපදිංචි වෙනවා

බදු වැඩි වූවත් සුපිරි වාහන ඉල්ලුම අඩු වී නැහැ

කෝටියකට වඩා වටිනා වාහන 10ක් දිනකට ලියාපදිංචි වෙනවා

ත්‍රිරෝද සහ යතුරු පැදි අලෙවිය පහළ බැහැලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන හෙළිදරව් කරයි

වාහන බදු වැඩි වුවත් සුපිරි වාහන සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන හෙළිදරව් කරයි. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී ලියාපදිංචි වූ මෝටර් කාර් සංඛ්‍යාව හාරදහසකි.

මැයි මාසයේදී ලියාපදිංචි වූ මෝටර් කාර් සංඛ්‍යාව තුන්දාස් හාරසියයක් වෙයි.රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් සුපිරි ගණයේ වාහන දිනකට දහයකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරේ.

ත්‍රිරෝද රථ දොළොස් දහසක් ජනවාරි මාසයේදී ලියාපදිංචි විණි. පසුගිය මාසයේදී එම ප්‍රමාණය තුන් දහසකින් අඩු වී තිබේ. ජනවාරි මාසයේ ලියාපදිංචි කරන ලද මෝටර් සයිකල් ප්‍රමාණය විසිතුන්දහසකි.

මැයි මාසය වන විට මෙම ප්‍රමාණය දහසය දහස දක්වා අඩු වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා