මුද්‍රණය සඳහා

 
බන්ධනාගාරයේදී දුරකථන භාවිත කළ සුබසාධන නිලධාරියකු කොටු

බන්ධනාගාරයේදී දුරකථන භාවිත කළ සුබසාධන නිලධාරියකු කොටු

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (08) වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සිදු කළ සේදිසි මෙහෙයුමකදී බන්ධනාගාර සුබසාධන නිලධාරියකු සතුව තිබූ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

බන්ධනාගාර සුබසාධන නිලධාරීනට බන්ධනාගාරයේදී ජංගම දුරකථන ළඟ තබා ගැනීම, ඇමතුම් ලබාගැනීම තහනම්ය. මෙම නිලධාරියා සමඟ කථාබස් කරමින් සිටි රැඳවියකු ළඟ ද ජංගම දුරකථනයක් තිබී සොයා ගැනීමට ද බුද්ධි අංශ නිලධාරීහු සමත් වුහ.

සුබසාධන නිලධාරීන් බන්ධනාගාරයේ ජංගම දුරකථන භාවිතා කරමින් රැඳවියන්ට ඇමතුම් රැගෙන දෙන බව ඒවාට එන පණිවිඩ දැනුම් දෙන බවටත්, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් ඔස්සේ මෙම සෝදිසි මහෙයුම බුද්ධි අංශ නිලධාරීන් සිදු කර ඇත.

සුබසාධන නිලධාරියා සහ රැඟවියන් සතුව තිබි සොයාගත් ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් වැඩිදුර පරීක්ණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තුමේන්තුවට යොමු කෙරෙනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]