මුද්‍රණය සඳහා

 
නීති විරෝධී ගිනි අවි සොයා ශ්‍රී ලංකාව පුරා වැටලීම්

නීති විරෝධී ගිනි අවි සොයා ශ්‍රී ලංකාව පුරා වැටලීම්

නීති විරෝධී ගිනි අවි භාවිතය වැළක්වීම සඳහා ශ්‍රී ලංකාව පුරා විශේෂ වැටලීම සිදු කිරීමේ නව වැඩසටහනක් පොලිස් දෙපාර්ත‍‍මේන්තුව ආරම්භ කර ති‍බේ.

නීති විරෝධී ගිනි අවි වළක්වාලීම සඳහා විශේෂ චක්‍රලේඛනයක් ‍ගෙන එන බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

බඳින තුවක්කු ‍කොටනතුවක්කු ආදී නීති විරෝධි ගිනි අවි වලින් මිනිස් ජීවිතවලට සිදුවන හානිය අවම කිරීම සහ සතුන් දඩයම් කිරීම වළක්වාලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]