නව යුවළකගේ නිදි යහනේ දර්ශන රූගත කළ රියදුරු අත්අඩංගුවට

නව යුවළකගේ නිදි යහනේ දර්ශන රූගත කළ රියදුරු අත්අඩංගුවට

අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක් ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පාසල් වෑන් රියදුරකු පාණදුර සෝමානන්ද මාවතේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර හිරණ පොලිසිය කියයි.

යුවළ සිටි කාමරයේ සුළං කවුලුව මත තිබූ කුඩා ඩිජිටල් කැමරාව යුවළගේ නිරුවත් දර්ශන ඇතුළත් පරිගණකය සහ අසභ්‍ය සංයුක්ත තැටි 29ක් ‍‍පොලිස් බාරයට ගෙන ඇත.

යුවළ කාමරය පවිත්‍ර කරමින් සිටියදී දොරට ඉහළ සුළං කවුලු‍‍‍වේ අවහිර වන සේ රදවා තිබූ කාඩ් බෝඩ් කැබැල්ල ඉවත් කිරීමේදී බිමට වැටුණු කැමරාව වයරයක් මාර්ගයෙන් රියදුරැ සිටින කාමරයට සම්බන්ධකර ඇති බව දැක ගත හැකි වූ බව යුවළ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

රියදුරු නිවසේ ‍නොමැති අවස්ථාවක රියදුරුගේ කාමරයේ තිබූ පරිගණකයක ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් එම නිවසට ආ දිනය් සිට පෙර දින රැය දක්වා නිදි යහනේ දර්ශන එම පරිගණකයේ තැන්පත්ව තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

සැකකරු සහ දේපළ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පාණදුර කො‍‍ට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එම්. ධර්මසේන සහකාර පොලිස් අධිකාරි (අපරාධ) රංජිත් සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත හිරණ පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සචිත රණවණ පොලිස් සැරයන් ප්‍රේමසිරි, පොලිස් සැරයන් රුවන්, - විජේරත්න - උපුල් මහත්වරු පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා