රෝමයේ වෙසක් උලෙළට ජනපති සහභාගි වෙයි

රෝමයේ වෙසක් උලෙළට ජනපති සහභාගි වෙයි

රෝමයේ පිහිටි ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී පැවැති වෙසක් උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ මෙහිදී ලෝක බෞද්ධ නායකයකු වශයෙන් රෝමයේ වෙසෙන බෞද්ධයෝ මහත් හරසරින් ජනාධිපතිවරයා පිළිගත්හ.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ කළ සංචාරය පිළිබඳද ඒ මහතා එහිදී බෞද්ධ ධර්මය සම්බන්ධයෙන් කළ කතාව පිළිබඳද රෝමයේ සිටින තායිලන්ත තානාපති සුරපිට් කිරිපුත්‍ර මහතා ප්‍රකාශ කර ඇත.

රෝමයේ වෙසක් උලෙළ පවත්වන දිනය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර 42 ක් සම්පූර්ණ වීමේ දිනය එකට යෙදීම හේතුවෙන් මෙදින විශේෂ දිනයක් බව රෝමයේ බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ පැවසූහ.

ඉතාලියේ වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජෝස් ග්‍රේෂියානෝ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ හමුවකටද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා