මුද්‍රණය සඳහා

 
ඕනෑම හදිසියක දී විපතක දී සහාය දීමට චීනය සූදානම්

ඕනෑම හදිසියක දී විපතක දී සහාය දීමට චීනය සූදානම්

ඕනෑම හදිසි අවස්ථාවකදී හෝ විපතකදී හෝ ශ්‍රී ලංකාවට චීන සමූහාණ්ඩුවේ සහයෝගය ලබාදෙන බව එරට ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් ලිස්න් ගුඅංග්ලි මහතා පවසයි.

චීන සංචාරයක යෙදී සිටින යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය බීජිං නුවර චීන මහජන සමුහාන්ඩුවේ ප්‍රධාන මූලස්ථානයේ දී පෙරේදා (7) සවස හමුවූ ජෙනරාල් ලිස්න් ගුඅංග්ලි මේ ප්‍රකාශය කර ඇත.

චින ආරක්ෂක පද්ධතියේ දීර්ඝ කාලීන සැලසුම් හා චීනයේ ආරක්ෂක කටයුතු පිළිබඳවද මෙහිදී සඳහන්කර ඇත. චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක ඇමැති ලෙස තමාට පැවරී ඇති කාර්යභාරය පිළිබඳ කරුණු හා චීනයේ ජාතික ආරක්ෂාව පිළිබඳවද මෙහිදී ගුඅංග්ලි ඇමතිවරයා කරුණු පැහැදිලි කර තිබේ.

චීන මහජන සමූහාණ්ඩුවේ යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මා සියැටෝන්ග් මහතා ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් එක්ව තිබේ. චීනයේ ආරාධනය පරිදි ඉකුත් 06 දා සිට ශ්‍රී ලංකා යුද හමුදාපති ඇතුළු පිරිසක් මේ නිල සංචාරයට එක්ව සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]