දොම්පෙ රෝහලේ දැරියක් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

දොම්පෙ රෝහලේ දැරියක් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

දොම්පෙ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය ගිරිදර ශ්‍රී බෝධි විද්‍යාලයේ දෙවන වසර පන්තියේ ඉගෙනීම ලැබූ ප්‍රියදර්ශනී බාලසූරිය නමැති සත් හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධව දොම්පේ පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ මරණය සැකටයුතු මරණයක් බවට පොලිසිය පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජී.එල්. ප්‍රියන්ත මහතා දොම්පේ රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කොට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහලට යැවීමට පොලිසියට නියෝග කළේය.

මරණ පරීක්ෂණය ඊයේ (08 වැනිදා) ගම්පහ රෝහලේ දී පැවැත්වීමට කටයුතු කර තිබිණි. ගිරිදර ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය අසනීප වී රෝහලට ඇතුළත් කරනු ලැබේ. බදාදා (06 වැනිදා) වන අතර ඇය එදිනම මිය ගියාය.

සිද්ධිය සම්බන්ධව මවුපියන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙන අතර දොම්පෙ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එප්.යූ.වුට්ලර් සැරයන් ගාමිණි රත්නායක (31340) හා රාජකරුණා (2986) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා