අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර දින 10 කට පසුව හමුවේ

අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර දින 10 කට පසුව හමුවේ

සිය නිවසින් අතුරුදන්ව සිටි 27 හැවිරිදි අවිවාහක තරුණියකගේ මෘත ශරීරය මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල ගසක එල්ලෙමින් තිබියදී ඊයේ (9 දා) හමුවූ බව මුන්දලම පොලිසිය කියයි.

මියගොස් තිබුණේ මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ විසූ සුදර්ශනී රාමමූර්තී (27) නමැති අවිවාහක තරුණියකි.

ඇය විවිධ අය හා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර විවිධ අයගෙන් මුදල් ණයට ගෙන වෙනත් අයට පොලියට දී ඇති බවත් කියති. මේ අතර මෙයට දින 10 කට කලින් ඇය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබුණ බවත් පොලිසිය කියයි.

ඒ අතර මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ පිරිසක් රේල් පාර අසල ගසක ගෙල වැළලාගෙන මියගොස් සිටි කාන්තා මෘත ශරීරයක් හමුවූ අතර පරීක්‍ෂා කර බැලූ විට ඒ උඩප්පුවෙන් අතුරුදන් වූ තරුණියගේ සිරුර බව හෙළිකර ගෙන ඇත. මෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය නොවූ නිසා මෘත ශරීරය පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට හලාවත රෝහල් මෘත ශරීරාගාරය වෙත ගෙනැවිත් ඇත.

මුන්දලම පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සුජීව අලවත්ත මහතාගේ උපදෙසින් පරීක්‍ෂණ සිදුකරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා