|
||||
ෆොන්සේකාට විශේෂ පොලිස් ආරක්ෂාවආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනී
සරත් ෆොන්සේකා මහතාට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉකුත් සිකුරාදා (08) ෆොන්සේකා මහතාගේ නිවසට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ෆොන්සේකා මහතාගේ බිරියට සහ ෆොන්සේකා මහතාට මේ බව දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පියවර ගෙන ඇත.
පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකු මේ වන විට ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |