මරණ දැන්වීම්

 


ගුණසේන වී. පෙරේරා (ගාමිණී) -
මල්ලිකා සීතාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ද අයෝමා ශා්‍යාමලී ශමල්කා සහ අමේෂ් ශන්නක යන අයගේ ආදරණීය පියාණන් වූද නාලත, දයාවංශ සහ වීනා යන අයගේ මාමණ්ඩිය වු ද ප්‍රජීත්, ශියෝනිකා, සමිත, ශනිල්, නදිෂ්ක, නේලක, ශවින්, ශවිනා සහ ශවින්කා යන අයගේ ආදරණීය සීයාවූ ද, නැසීගිය සිරි පෙරේරා, ඉන්දු ඒකනායක, උපාලි පෙරේරා (බුලත්සිංහල) යන අයගේ සහෝදරයා වූ ද ගාමිණී පෙරේරා මහත්මා 2012 ජුනි මස 8 වන දින අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු ජුනි මස 10 වන ඉරිදා සවස 4.00 බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ. අවමංගල්‍ය පෙරහැර නිවසින් පිටත්වීම සවස 3.30 ට අංක 361, උද්‍යාන පාර, කොළඹ 05. මල්වඩම් අනවශ්‍යයි. 149764

ඒ. එම්. ද සේරම් (සිරිමැදුර අත්තනගල්ල) - අත්තනගල්ල සිරිමැදුරේ විසු නැසීගිය ඩබ්ලිව්. එම්. ඩී. ජේ. පවුලිස් මහතාගේ ප්‍රිය භාර්යාව වූද, නැසීගිය විජිත, වසන්තා, හේමා සහ යෝගානන්ද යන අයගේ ආදරණීය මෑණියන් වූද,පද්මා, ඉන්ද්‍ර, නැසීගිය බන්දුල, කාන්ති යන අයගේ නැන්දනිය වූද, ඇනට් මෙරායා ද සේරම් මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඉරුදින සවස 3.00 ට පවුලේ සාසුන භූමියේදී සිරිමැදුර, අත්තනගල්ල. 150183

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් ජයකොඩි මහතා - කඩවත, පුෂ්පාරාම පාරේ 235 බී නිවසේ පදිංචිව සිටි, නැසීගිය පියදාස ජයකොඩි මහතාගේත් ජයවතී ජයකොඩි මහත්මියගේත් පුතණුවන් වූද, ඉන්ද්‍රානි ජයකොඩි (කාර්මික තාක්ෂණ ආයතනය) මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද, ලකින්ද්‍රා සමාධි ජයකොඩි ගේ පියාණන් වූද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ දෙපාර්තමේන්තු වේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් ජයකොඩි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2012.06.10 වනදින බොරැල්ල කනත්තේදී ප.ව. 6.00 ට සිදු කරනු ලැබේ. අවමගුල් පෙරහැර නිවසින් පිටත්වීම එදින ප.ව. 4.00 150227

රණසිංහ ආරියවංශ විමලපාල මහතා - (විශ්‍රාමලත් ප්‍රවාහන කළමණාකාර/ඩිපෝ කළමනාකාර/විනය විභාග නිළධාරී ලංගම ගාල්ල කළුතර පානදුර) සුමනාගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද දිමල්, කමල්, නැසීගිය නිමල්, දුලීප් (පාර්ලිමේන්තුව) කුමුදුමලී, ජගත්, සමන්මලී, සහ පි‍්‍රයන්තගේ ආදරණීය පියාණන්වූද, නැසීගිය පද්මා, ශාන්ති, කාන්ති, කීර්ති, මධුරාණී, සුරේන් සහ සීදේවිගේ ආදරණීය මාමණ්ඩියවූද ආරියවංශ විමලපාල රණසිංහ මහතා අභාවප්‍රාප්තවූයෙන් ආදාහන කටයුතු 11වන සඳුදා සවස 0530 ට ගාල්ල දඩල්ල සුසාන භූමියේදී සිදුකරණ බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත කණගාටුවෙන් දැනුම් දෙනු ලැබේ 13,සිරගෙදර මාවත, ගාල්ල 150238

සංවේගයෙන් දැනුම් දීමයි! විශ්‍රාමලත් සහකාර කම්කරු කොමසාරිස් ජී එම්. දොළොස්වල මැතිතුමා - අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.06.10 ඉරුදින සවස 3.30 ට හෝමාගම නියඳගල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් භාර්යාව ඇතුළු දරු පිරිස. 150240

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා