මුද්‍රණය සඳහා

 
මහා රොටි දන්සලේ ‘කුඩා රොටියක්’ දුන්නා යැයි උරණ වූ අප්පුහාමි තරුණයන්ට කෑ ගහලා

මහා රොටි දන්සලේ ‘කුඩා රොටියක්’ දුන්නා යැයි
උරණ වූ අප්පුහාමි තරුණයන්ට කෑ ගහලා

අප්පුහාමි මාමා මෙවර පොසොන් පෝයට සිල් ගැනීමට ගියේ නැත. එයට හේතුව දන්සැලකට යෑමට තිබූ අවශ්‍යතාවයි.

‘හාමිනේ මම උදෙන් ම අර හන්දියේ තියෙන දන්සලට යනවා’ කියා පා පැදියෙන් දන්සල වෙතට යන්නට විය.

‘රොටි දන්සලක් නේද?’

‘නෑ... නෑ ... මහා රොටි දන්සලක්’ යැයි තමාට ම කියා ගත් අප්පුහාමි මාමා කටේ රුවාගෙන සිටි බුලත් විට ද එළියට විසි කර දන්සල් පෝලිමට එකතු විය.

තමාගේ වාරය පැමිණි විට ‘ඕං ළමයිනේ මටත් රොටියක් දීපල්ලා’ කියන්නට විය.

‘ආත්තේ මෙන්න රොටිය’ යැයි රොටියක් අප්පුහාමි මාමා අත තැබීය. කුඩාවට සකසා තිබූ රොටියක් ලුණු මිරිස් සමග අප්පුහාමි මාමාට දුන්නේය.

‘ආ ළමයිනේ උඹලා මහා රොටි දන්සලක් කියලා බෝඩ් ගහලා වඩයක් විතර රොටියක් දෙන්න ලැජ්ජ නැද්ද.

මගේ බුලත් විට ටික කටෙන් විසි කළාටත් පාඩුයි’ කියාත්ම

‘සීයේ මේ පාර ඕක කන්න ලබන පාර අපි ලොකු රොටියක් දෙන්නම්’ යැයි තරුණයකු පවසන්නට විය.

‘හා.. හා’’ ලබන පාරවත් බලමු’ යැයි කී අප්පුහාමි මාමා තරුණයන්ගේ සිනා හඬ මැද වේගයෙන් බත් දන්සලක් කරා පා පැදිය පදවන්නට විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]