මුද්‍රණය සඳහා

 
පුංචි චෙස් ශූරිය සචින්තා

පුංචි චෙස් ශූරිය සචින්තා

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ අන්තර් ජාතික ශ්‍රේණිගත කිරී‍මේ විවෘත චෙස් තරගාවලියේ අවුරුදු 8න් පහළ බාලිකා සම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගල්කිස්සේ බෞද්ධ බාලිකා විද්‍යාලයේ කේ.කේ.එම්.සචින්තා කොඩිකාර සමත්වූවාය.

පසුගිය මස කොළඹ පැවැති මේ තරගාවලියේ ඇය ලැබූ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ඇය සහභාගි වූ ප්‍රථම අන්තර් ජාතික තරගාවලියේ දීම ශ්‍රේණිගත ක්‍රීඩිකාවක් පරාජය කරමින් අන්තර් ජාතික ‍ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා දොරටු විවර කරගැනීමය.

මීට පෙර පැවැති චෙස් තරගාවලි තුලදීත් සාර්ථක දස්කම් පෙන්වීමට සමත්වූ ඇය විදුහල්පතිනිය එස්.එස්.රත්නවීර මහත්මියගේ මගපෙන්වීම මත නෙළුම් සමරසේකර මහත්මිය යටතේ පුහුණුවීම් කටයුතුවල නිරත වන්නීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]