මුද්‍රණය සඳහා

 
වරෙන්තුවක් ක්‍රියාත්මක නොකළැයි අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරිට නොතීසි

වරෙන්තුවක් ක්‍රියාත්මක නොකළැයි

අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරිට නොතීසි

වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු නොකළ බවට චෝදනා ලැබූ අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරිවරයාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (08) නියෝග කළේය.

ඇල්ගී අඩංගු කොළ පැහැති පිළිකුල් සහගත ජලය විකිණීම සඳහා බෙදූ බව කියන සිරිසඳ වත්ත බ්ලූ වෝටර් පී‍්‍රමියර් සමාගමට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවකදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අවස්ථා කීපයක් මෙම නඩුව විභාගයට ගැනුණ අතර, අදාළ සමාගමේ කළමනාකාරිත්වය අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.

ඒ හේතුවෙන් 2011.12.12 වන දින අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී වරයා මගින් අදාළ සමාගමේ කළමණාකාරිත්වයට වරෙන්තු නිකුත් කළ අතර, 2012.03.02 ද වරෙන්තු නිකුත් කෙරුණි.

එහෙත් මේ වන තෙක් අදාළ සමාගමේ කළමනාකාරීත්වය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයා කටයුතු නොකිරීම නිසා හේතු දැක්වීම සඳහා අධිකරණය් පෙනී සිටින ලෙස නියෝග නිකුත් කළේ ය. මහවිලච්චිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඒ. ජී. එල්. විජේරත්න මහතා පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]