මුද්‍රණය සඳහා

 
උපැවිදි වූ 16 හැවිරිදි තරුණයා දෙහැවිරිදි දැරියට අමානුෂික වධ දීලා

උපැවිදි වූ 16 හැවිරිදි තරුණයා දෙහැවිරිදි දැරියට අමානුෂික වධ දීලා

දල්වන ලද බීඩියකින් මුහුණෙහි තැනින් තැන පුළුස්සා තුවාල ලැබූ දෙහැවිරිදි ළදැරියක් පසුගියදා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මගින් රෝහල්ගත කර තිබේ.

පොලිස් ස්ථානාධිපති පො.ප. මොහාන් සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත සිද්ධිය හෙළිකරගෙන තිබුණි.

පොලිසිය පැවසූ පරිදි මෙම දරුවා වයස අවුරුදු දෙකක් ඉක්මවූ පහළ රත්කිඳ ගම්මානයේ පවුලක දරුවෙකි.

සිද්ධිය වූයේ පොසොන් පෝයදා සැන්දෑ වේලාවේදීය. සැකකරු වයස අවු.16 ක් පමණ වූ චීවරය දරා සිට උපැවිදි වූ තරුණයෙකි.

දරුවාගේ මව අසල්වැසි නිවසකට ගිය අවස්ථාවේදී සැකකරු පැමිණ මෙම අමානුෂික ක්‍රියාව සිදුකර ඇත. ළමයාට කෑ ගැසීමට නොහැකි වන සේ කට වසන්නට ඇතැයි සැකකෙරේ.

මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොසිනි. දරුවාගේ මව මෙම සිද්ධිය වසන් කර ඇති බව පෙනේ. වෙනත් අතවර දරුවාට වූයේ දැයි පරීක්ෂණවලට යොමුකර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදුකෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]