|
||||
පහර කෑමට ලක්වූ සිවිල් ආරක්ෂකයා වස බී දිවි නහගෙනපහරදීම්වලින් ඇතිවූ තැළීම්, සීරීම්වලින් පසු වස පානය කොට මියගිය සිවිල් ආරක්ෂක භටයකුගේ මරණය විස ශරීරගතවීමෙන් සිදුවූවක් බව ත්‍රිකුණාමලය මහ රෝහලේ පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය විය. ගෝමරන්කඩවල පොලිස්බල ප්‍රදේශයේ පඹුරුගස්වැව ප්‍රදේශයේ පදිංචි ගෝමරන්කඩවල පොලිසියේ සිවිල් ආරක්ෂක භටයෙකු ලෙස සේවය කළ එක් දරු පියෙකු වූ සිරිල් කුමාරතුංග (41) යන අය මෙසේ වස පානය කොට මියගොස් තිබුණි. එම ජනපදයේ නිවසකට ඇතුළු වී නිවැසියන් සමග ඇතිවූ ආරවුලකදී පහරකෑමට ලක්ව ඇති අතර එයින් ඇතිවූ සිත් වේදනාවට වස පානය කරන්නට ඇති බවට ඒ පිළිබඳව පැවැති පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මොරවැව සහකාර පොලිස් අධිකාරි වෑගපිටිය මහතාගේ නියෝග මත ගෝමරන්කඩවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |