මුද්‍රණය සඳහා

 
දියතලාවේ බඹරු ඇවිස්සී වියපත් ගැමියකු මිය ගිහින්

දියතලාවේ බඹරු ඇවිස්සී වියපත් ගැමියකු මිය ගිහින්

දියතලාව ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක දී බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.

පෙරේදා (7) සවස මෙසේ මියගොස් ඇත්තේ ගල්ඒදණ්ඩ කහටගහවත්තේ පදිංචිව සිටි එච්. සිවලිංගම් නමැති 64 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු සවස නිවස කරා පා ගමනින් ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ ලඳු කැළෑවක අතුරු මාර්ගයක් ඔස්සේ යමින් සිටිය දී මෙසේ බඹරු දෂ්ඨ කර ඇති බව පොලිසිය කියයි.

දියතලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]