මුද්‍රණය සඳහා

 
දකුණු පළාත් ප්‍රධාන ලේකම් නිල නිවසේ සාදයේදී වෙඩි තැබීමක්

දකුණු පළාත් ප්‍රධාන ලේකම් නිල නිවසේ සාදයේදී වෙඩි තැබීමක්

ගාල්ල ලබුදූව දකුණු පළාත් ප්‍රධාන ලේකම් නිල නිවාසයේ පැවති දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සාදයකින් පසුව එම ස්ථානයේ වූ වෙඩි තැබීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

මේ පිළිබඳ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජය ලාල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා පෞද්ගලිකව මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට බලපෑම්වලින් තොරව තම සේවාවන් ඉටු කරමින් සමාජයේ ජීවත් වන්නට අයිතියක් තිබෙන බව කීය.

මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන බව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]