මුද්‍රණය සඳහා

 
සිවුවන කුඹල් පෙරහර අද

සිවුවන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහැරේ තුන්වන කුඹල් පෙරහර ඊයේ (25) වීදි සංචාරය කළ අතර සධාතුක කරඬුව වැඩමවාගෙන සිංහරාජා ඇතා දෑලේ ඇතුන් සමග ගමන් කළ අයුරු.

ඡායාරූපය-ගාමිණී රණසිංහ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවන කුඹල් පෙරහර අද (26) වීදි සංචාරය කරයි

ශ්‍රී දළදා මාලිගාව අ භියසින් වයඹ දිශාභිමුඛව රාත්‍රි 8.17 ට පෙරහර පිටත්ව දළදා වීදිය, ඊ.එල්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

මෙවර මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් පොලිස් නිලධාරින් 3000ක් සේවයේ යොදවා තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]