මාගල්ල වැව පිළිසකර වැ‍ඩ ජනපති අතින් ඇරැඹේ

මාගල්ල වැව පිළිසකර වැ‍ඩ ජනපති අතින් ඇරැඹේ

දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටින නිකවැරටිය ගොවි ජනතාවට සෙත සැලසීමේ අරමුණින් මාගල්ල වැව ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 දා ඇරඹිණ.

මහසෙන් රජු විසින් කරවන ලද මාගල්ල වැව 1943 වර්ෂයට පසුව විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැත. වැවෙහි රොන් මඩ සහ දැදුරු ඔය මඟින් වැවට ජලය ගෙන එනු ලබන රිදි මැඩි ඇළෙහි රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදි සුබ මොහොතින් සිදු කෙරිණ.

වැසි ජලය එකතු කර ගනිමින් ගොවි ජනතාවගේ ගොවිතැන් කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට පහසු වන අතර මෙමඟින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කරමින් ජීවන තත්ත්වය උසස් කරලීම රජයේ පරමාර්ථයයි. ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, එස්.බී. නාවින්න, ටී.බී. ඒකනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ මහ ඇමැති අතුල විජේසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා