මුද්‍රණය සඳහා

 
හෙජින් ගනුදෙනුව: ලන්ඩන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනයක්

හෙජින් ගනුදෙනුව: ලන්ඩන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනයක්

හෙජින් ගනුදෙනුවට අදාළව ලන්ඩන් මහාධිකරණයට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ අභියාචනය අවාසි සහගත ලෙස තීන්දු වී ඇති නිසා ඊට එරෙහිව ලන්ඩන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

එම අභියාචනය නීතිපති උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ‍එම සංස්ථාව පවසයි.

හෙජින් ගිවිසුමට අදාළව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164 ක් ඉල්ලා ලන්ඩන් වාණිජ අධිකරණයේ පවරා තිබූ නඩුව සංස්ථාවට අවාසි සහගත ලෙස තීන්දු විණ.

එම තීන්දුව සම්බන්ධයෙන් සංස්ථාව ලන්ඩන් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]