පුනරුත්ථාපනය වූ කොටි 1165කට කෝටි 30ක ණය ආධාර

පුනරුත්ථාපනය වූ කොටි 1165කට කෝටි 30ක ණය ආධාර

පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්. ටී. ටී. ඊ. රැඳවියන් 1665 දෙනෙකුට රුපියල් කෝටි 30ක ස්වයං රැකියා ණය ආධාර ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පුනරුත්ථාපනය වූ මේ පිරිස සඳහා සියයට 4ක සහන පොළියක් යටතේ රුපියල් 250000ක ස්වයං රැකියා ණයක් පිරිනැමේ.

වසර 10ක නැවත ගෙවීමේ කාලයක් මේ පුනරුත්ථාපනලාභීන්ට හිමිවන අතර ඉදිරි කාලයේදී මේ ණය ආධාර ප්‍රදානය අනෙකුත් පුනරුත්ථාපනලාභීන්ටද පිරිනැමීමට නියමිතය.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වීමට නියමිතය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා