යක්කලමුල්ල කනිටු විදුහලේ විදුහල්පති කපා කොටා මරලා

යක්කලමුල්ල කනිටු විදුහලේ විදුහල්පති කපා කොටා මරලා

ගාල්ල යක්කලමුල්ල කනිටු විදුහලේ විදුහල්පති අනුර මහානාම එදිරිසිංහ (53) මහතාගේ නිවසට රාත්‍රියේ (29) ඇතුළුවූ මැර කණ්ඩායමක් විදුහල්පතිවරයා කපා කොටා ඝාතනය කර ඇත.

විදුහල්පතිවරයාගේ පුත් අනුෂ්ක සුජිත් එදිරිසිංහ (23) සිද්ධියෙන් තුවාලලබා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

විදුහල්පතිවරයාගේ පුතකු සමග ඇතිවී තිබෙන ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇතිබව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යක්කලමුල්ල පොලිසිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා