සිරියා‍වේ දරුණු සටන්

සිරියා‍වේ දරුණු සටන්

සිවිල් වැසියෝ 20,000ක් ඇලෙප්පෝ නුවර හැර යති

(2012-07-30 12:45)සිරියාවේ වඩාත් ප්‍රසිද්ධ නගරය වන ඇලෙප්පෝ හි පවත්නා සටන්වලින් ජීවිත රැකගනු පිණිස 20,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් නගරයෙන් පලා ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් එහි කොටුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශ වී ඇත්තේ කැරලිකරුවන්ට ‍එරෙහිව රජයෙන් දරුණු මර්දනයක් සිදුකරන බව පැවසී තිබියදීය.

මේ උතුරු නගරයේ මහා මිනිස් ඝාතනයක් සිදුකිරීමට රජය සුදානම් වන බවට චෝදනා කරන විපක්ෂ සිරියානු ජාතික මණ්ඩලය රජයේ ප්‍රහාරයන්ට මුහුණ දිම සඳහා කැරලිකරුවන් බර අවියෙන් සන්නද්ධ කරන ලෙස ඉල්ලා තිබේ. ඒ සමගම පවත්නා ගැටුමෙන් සිවිල් ජනතාව ගලවා ගැනීමේ පියවර සාකච්ඡා කරනු පිණිස එ.ජා. හදිසි සැසියක් පවත්වන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා