රුධිරයේ සීනි වැඩි වීම ක්ෂණිකව දැනු ම්දීමේ නවතම තාක්ෂණික මෙවලමක්

රුධිරයේ සීනි වැඩි වීම ක්ෂණිකව දැනු ම්දීමේ නවතම තාක්ෂණික මෙවලමක්

(2012-07-30 13:15)පුද්ගලයකුගේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාම ක්ෂණිකව විද්‍යුත් සංඥාවක් මගින් දැනු ම්දීමේ නවතම තාක්ෂණික මෙවලමක් හඳුන්වා දීමට බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාට හැකි වී තිබේ.

මෙම සංකල්පය මෙතෙක් ලෝකයේ සොයා නොගත් පර්යේෂණයක ප්‍රතිඵලයක් විය හැකි යැයි ඒ මහතා පවසයි.

රෝගියකුගේ රුධිරය පිටත නොගෙන සංවේදකයක් (Sensor) මගින් රුධිරයේ සීනි ප්‍රමාණය මැනගත හැකි අතර එය කුඩා ප්‍රමාණයේ ඔරලෝසුවක හැඩයට නිමවා ඇත. දැනටමත් මෙය පර්යේෂණ මට්ටමින් ඔබ්බට ගොස් ඇති බවත් සියයට 90ක් සාර්ථකත්වයක් පෙන්වා ඇති බවත් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

පරිගණක මෘදුකාංගයක් භාවිතා කර ගලා යන රධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය විද්‍යුත් ක්‍රියාවලියක් ලෙස පරිවර්ථනය කරීමත්, එය මැනගැනීමත් මෙහිදී සිදුවන අතර, ඉදිරියේ දී ශරීරයේ ඕනෑම වෙනස් වීමක් ක්ෂණිකව දැනුම් දීම දක්වා මෙය තවදුරටත් වැඩිදියුණු කිරීමට වෛද්‍ය කරුණාසිරි මහතා බලාපොරොත්තුවෙන් සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා