උතුරු කොරියාවට මහ වැසි: 88ක් මරුට: දසදහස් ගණනක් අවතැන්

උතුරු කොරියාවට මහ වැසි: 88ක් මරුට: දසදහස් ගණනක් අවතැන්

උතුරු කොරියාවේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට පසුගිය දා ඇදහැළුන ධාරානිපාත වර්ෂාවෙන් 88 දෙනෙක් මිය ගොස් දස දහසක් දෙනාට උන්හිටි තැන් අහිමිවීමත් සමග තව දුරටත් වැසි කුණාටුවල බලපෑම් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.

අද සහ හෙට රටේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළහ. මේ දින දෙක තුළ මිලිමීටර් 100 - 150 හෝ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 200 කටත් වැඩි වර්ෂාපතනයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ .

ධාරානිපාත වර්ෂාවත් ඒ හේතුවෙන් හටගත් ගංවතුර නිසා උතුරු කොරියාව බැට කන්නේ ජුලි18 වන දින සිටයි. මේ හේතුවෙන් උන්හිටි තැන් අහිමි වු සංඛ්‍යාව 63 000ක් පමණය. හෙක්ටෙයාර් 30000ක් පමණ විශාල වගා බිම් ප්‍රදේශයක් ද විනාශ වි ‍තිබේ. මංමාවත් සහ කර්මාන්තශාලා කැඩී බිඳි ගොස් ඇත.

මේ ආපදා තත්ත්වයට පෙර සිටම උතුරු කොරියාවේ දරුණු ආහාර හිඟයක් පැවතිණි. පසුගිය වසරේ ජූනි-ජූලි මාසවලත් උතුරු කොරියාව මෙවැනිම ව්‍යසනයකට ලක් විය. උතුරු කොරියාවේ යළිත් සාගතයක් උදාවීමේ ලකුණු පහළ වි තිබේ. 1990 ගණන්වල ඇතිවු සාගතයකින් දසදහස් ගණන් පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

එරට මිලියනයකට පමණ ආහාර ආධාර සැපයිමේ අවශ්‍යතාව පැනනැඟි ඇතැයි ජගත් සංවිධානය පවසයි. එසේ කිරිමට නම් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල පරික්ෂාව අත්හැර දැමිය යුතු බවට පසුගිය පෙබරවාරි‍යේදී අත්සන් කළ ගිවිසුම පිළිපැදිය යුතු බව ජගත් සංවිධානය පවසා තිබිණි . එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ දී උතුරු කොරියාව රොකට්ටුවක් කක්ෂගත කිරිම හේතුවෙන් එම ගිවිසුම අහෝසි වි ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා