මිරිස් ආනයනය නතර කරනවා?

(2012/08/2810:35) දේශීය මිරිස් ගොවියා ආරක්ෂා කිරීම සඳහා මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

විස්තර»

අඹේපුස්ස රජයේ ගොවිපල අසල

පුළුස්සා දමා තිබු හිටපු සෙබළාගේ මළසිරුර බාරගන්න බිරියන් දෙදෙනෙක්

පොලිස් නියෝගයෙන් නීත්‍යනුකූල බිරියට සිරුර බාරදෙයි

අඹේපුස්ස රජයේ ගොවිපල අසල පුළුස්සා දමා තිබියදී හමුවූ මළ සිරුර තම සැමියාගේ බවට ඊයේ (27) දහවල් මීරිගම පොලිසියට පැමිණි කාන්තාවන් දෙදෙනකු ප්‍රකාශ කරනු ලැබීමත් සමඟ පොලිස් විමර්ශන කටයුතු නව මගකට යොමු විය.

විස්තර»

රට ගැන සිතා රට වෙනුවෙන් වැඩ කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2010 මැයි 01


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට වූ කතාව බොරු

ගුරු සංගම් චෝදනා පදනම් විරහිතයි

ඇතැම් මාධ්‍ය වගකීම් පැහැර හැරලා

අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ දැමීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණයක්

විභාග ගැන ජනතා විශ්වාසය පළුදු කිරීම අරමුණයි

පසුගිය 26 වනදා පවත්වන ලද පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී යම් යම් ප්‍රශ්න කලින් පිටවී ඇතැයි මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කිරිමේ දැවැන්ත කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

විස්තර»

සෑම ශ්‍රී ලාංකේය පුරවැසියකුගේම ජනාධිපතිවරයා මමයි

කිසිදු ආගමකට ජාතියකට වෙනස්ව සලකන්නේ නෑ

ජනපති කල්මුණේදී කියයි

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව සෑම ශ්‍රී ලාංකේය පුරවැසියකුගේම ජනාධිපතිවරයා මෙන්ම සෑම ආගමකම භාරකාරයා ද වන තමා කිසිදු ආගමකට ජාතියකට වෙනස්ව නොසලකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ත්‍රස්තවාදය නිමා කළ පසු සියලු ජාතීන් සමඟියෙන් ජීවත් වන බව සිහිපත් කළ ජනාධිපතිවරයා මැතිවරණ නිසා ජාතිවාදය අවුස්සන්නට එපා යැයි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

විස්තර»

සර්වඥ ධාතු අනුරපුර සිට කන්තලේට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කපිලවස්තුපුර සර්වඥ ධාතුන්වහන්සේ අනුරාධපුර සිට කන්තලේ අග්‍රබෝධි වෙළුන්නා රජමහා විහාරය වෙත ඊයේ උදෑසන වැඩම කර වූ අවස්ථාව. සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද (28) දවස පුරා කන්තලේ දී පැවැත්වේ

ඡායාරූපය - කිත්සිරි වනසිංහ

 

ලොව පැවැත්මේ පදනම පරිසරය හා ආර්ථිකයයි

ජනමාධ්‍ය ලේකම් චරිත හේරත්

ලොව පැවැත්මේ පදනම වී ඇත්තේ පරිසරය සහ ආර්ථිකය බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි. 2016 වසර වන විට අපේ රට නිල්ල පිරුණු රටක් බවට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉලක්කය බවත් මේ රටේ මාධ්‍යවේදයේ මහගෙදර වන ලේක්හවුසිය රටේනිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ජනසම්මතවාදය රැකගෙන ඒ ඉලක්කය වෙත යන ගමනේ ප්‍රධාන මාර්ගය බවත් හෙතෙම කීය.

විස්තර»

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නවතම ප්‍රකාශනය වූ “මිහිතුරු” පරිසර සඟරාවේ මංගල කලාපය ලේක්හවුස් සභාපතිතුමන් විසින් ජනමාධ්‍ය ලේකම් චරිත හේරත් මහතාට සහ ආදිවාසී නායක වනස්පති විශ්වකීර්ති ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පිරිනැමූ අයුරු. ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

මහ බැංකුවට 62යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 62 වැනි උපන් දිනය අදට යෙදී ඇත. වසර 1950 අගෝස්තු 28 වැනිදා මහ බැංකුව පිහිටුවා තිබේ.

දීඝවාපි ඓතිහාසික පුදබිම වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දීඝවාපි විහාරස්ථානය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ජනාධිපතිවරයා විහාර භූමිය නිරීක්ෂණය කළ අයුරු. දීඝවාපි විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමි හා ජ්‍යෙෂ්ඨ ඇමැති පී. දයාරත්න මහතා ද මෙහි වෙති.

ඡායාරූපය - චන්දන පෙරේරා

 

සාම නියෝජිත අකාෂි රැග්ලන්ස්කි මහැරු
ස්වාසිලන්තෙ මිස්වති වැනි ලෝකයේ රජවරු
රජයේ මෙහෙවර පසසති හැඟීමකින් පිවිතුරු
වේයෝ තුඹසට රිංගති - ඉ‍ගිලී වැනසෙති මෙරු

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast