මුද්‍රණය සඳහා

 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක විනයකින් කටයුතු කළ යුතුයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විනයකින් කටයුතු කළ යුතුයි

- ජාතික හෙළ උරුමය

රටේ පිළිගත් වගකිව යුතු භික්ෂුවකගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැඩි විනයකින් තම අදහස් ප්‍රකාශ කළ යුතු බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.

එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ ‍ෙකළේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි සංයමයකින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

ඕමල්පේ සෝභිත නාහිමියන් කිසිදු නින්දිත ප්‍රකාශයක් නොකළ බවද ඒ මහතා

පැවසීය.ජාතික හෙළ උරුමය මෙම අදහස් පළ ‍ෙකළේ ඊයේ(27)කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී, ‍කොළඹ ජාතික කෞතුතාගාරයේ සිදුවූ සොරකම පිළිබඳව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත නාහිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත්රෝහණ මහතා සිදු කළ අදහස් දැක්වීම පිළිබදව කළ විමසිමේදීය.

අජිත් රෝහණ මහතා එතුමාගේ තනතුරට නොගැලපෙන ප්‍රකාශයක් කර තිබෙනවා.ජාතික

කෞතුතාගාරයේ සිදුවූ සොරකම පිළිබඳව සොයා බැලීමට ජාතික හෙළ උරුමයටත් වගකීමක් තිබෙනවා. අපි මේ රටේ සිදුවන ප්‍රශ්න පිළිබඳව සොයා බැලිය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ඕමල්පේ සෝභිත නාහිමියන් වැඩ සිටින ප්‍රදේශයට ගිය අවස්ථාවේ නාහිමියන් සමග එම පුදේශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ බවඳ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ ‍ෙකළේය.

කෞතුතාගාරයේ සොරකම විසදෙන තෙක් ජාතික හෙළ උරුමය අවදියෙන් සිටින බවද ඒ මහතා පැවසීය.

සැකකරු­‍ෙවක් අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීමක් බවද ජාතික හෙළ උරුමය ප්‍රකාශ ‍ෙකළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]