ලොව පැවැත්මේ පදනම පරිසරය හා ආර්ථිකයයි

ලොව පැවැත්මේ පදනම පරිසරය හා ආර්ථිකයයි

ජනමාධ්‍ය ලේකම් චරිත හේරත්

ලොව පැවැත්මේ පදනම වී ඇත්තේ පරිසරය සහ ආර්ථිකය බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි.

2016 වසර වන විට අපේ රට නිල්ල පිරුණු රටක් බවට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉලක්කය බවත් මේ රටේ මාධ්‍යවේදයේ මහගෙදර වන ලේක්හවුසිය රටේනිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ජනසම්මතවාදය රැකගෙන ඒ ඉලක්කය වෙත යන ගමනේ ප්‍රධාන මාර්ගය බවත් හෙතෙම කීය. ලේක්හවුස් ආයතනය මගින් මාසිකව ප්‍රකාශනයට පත්කරන"මිහිතුරු" පරිසර හිතකාමී සඟරාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හේරත් මහතා එම අදහස් පළකළේය.

ඊයේ (27) පෙරවරුවේ සුබ මොහොතින් ලේක්හවුස් ආයතනයේ දී එම සඟරාවේ මංගල කලාපය එළිදැක්විණි.

උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූ චරිත හේරත් මහතා වෙත ලේක් හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා මිහිතුරු සඟරාවේ මංගල කලාපය පිළිගැන්වීය.

චරිත හේරත් මහතා එහිදී මෙසේද කීය.

වර්තමානයේ පරිසර සාක්ෂරතාව වැඩිම රට ශ්‍රීලංකාව බවට ලෝකයම පිළිඅරගෙන. මීට පෙර ලොව ජාත්‍යන්තර තලයේ ප්‍රධාන මාතෘකාව වී තිබුණු ආර්ථිකය නමැති මාතෘකාව ‍වෙනස්වී පරිසරය අපේ පැවැත්මේ අත්‍යවශ්‍යම සාධකය බව පිළිගැනීමට සිදුව තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. පරිසරය හා ජනමාධ්‍ය කියන්නෙ ළඟින් යන විෂයයන් දෙකක්. ජනමාධ්‍ය නැතිව පරිසරය පිළිබඳ අදහස් ජනතාව අතරට ගෙනයන්න බැහැ. අද ලොව ජාත්‍යන්තර තලයේ සාකච්ඡා පවා වෙනස් වෙලා. එදා කතා කළේ ආර්ථිකය ගැන පමණයි . අද ප්‍රධාන මාතෘකාව පරිසරය සහ ආර්ථිකය. එය ලොව පැවැත්මේ පදනම වෙලා‍. අද මෙන් ම අනාගත දරුවන්ගෙ පැවැත්මත් රඳා පවතින්නෙ පරිසර‍ය මතයි. රටක විදේශ සමුළුවලට වැඩි වශයෙන් සහභාගි වන්නේ විදේශ ඇමති ඊළඟට වැඩිම සහභාගීත්වය පරිසර ඇමති.

අපි පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එක් වෙනවා . ඊට දේශ සීමා නැහැ. මේ වායුව හරිත ශාක මගින් උරාගන්න නිසා එක්සත් ජාතීන්ගෙ සංවිධානය පනතක් සම්මත කර ගත්තා රටක කාබන් උරා ගන්නා ප්‍රමාණය ගණනය කර ඒවා මුදාහරින රටවලින් ‍මුදල් අයකර ගැනීමට.

මේ අනුව දූෂණය කරන්නා සුරකින්නාට ගෙවිය යුතුයැයිපනතක් සම්මතව ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා