ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,85,000 දක්වා වැඩි කරනවා

ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,85,000 දක්වා වැඩි කරනවා

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න

දකුණු කොරියාවේ පැවති එක්ස්ෆෝ 2012 ‘ඉයෝෂු කොරියා’ මහා ප්‍රදර්ශනයේ ජාත්‍යන්තර සමුළුව අමතා ප්‍රධාන දේශනය පවත්වමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දැක් වු අයුරු.

ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,85,000 ක් දක්වාත්, ඒකපුද්ගල දෛනික මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 60 දක්වාත් ඉහළ නැංවීම ඉලක්ක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මේ ඉලක්ක සපුරාලීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ධීවර යටිතල පහසුකම් ස්ථාපිත කිරීම, ධීවරයින්ට ආධාර ලබාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදුකර ඇතැයිද ඇමැතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් දකුණු කොරියාවේ පැවැති එක්ස්ෆෝ 2012 ඉයෝෂූ කොරියා මහා ප්‍රදර්ශනයේ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි. අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා “කුසගින්න හා දරිද්‍රතාව නිමා කිරීම මත්ස්‍ය සම්පත මඟින් වෙනසක් ඇති කිරීම” යන මාතෘකාව යටතේ ප්‍රධාන දෙසුම පවත්වන ලදී.

මාස 3 ක් පුරා කොරියාවේ පැවති ඉයෝෂු එක්ස්ෆෝ 2012 ප්‍රදර්ශනය අවසානයේදී ධීවර නිෂ්පාදන තිරසාර පරිහරණය සහ දරිද්‍රතාවය නිමා කිරීම සඳහා ලෝක ධීවර නායකයින්ගේ සමුළුවක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් 2012 අගෝස්තු මස 08 – 09 දක්වා පවත්වන ලදී. මෙම සමුළුවෙහි මුලසුන දරන ලද්දේ අයිස්ලන්ත ධීවර හා ජල ජීවි වගා අමාත්‍යාංශයෙහි ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ජනරාල් වන ආචාර්ය ග්රීමර් වැල්ඩිමාර්සන් මහතා විසිනි. කණ්ඩායම් සාමාජිකයින් ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රජිත සේනාරත්න, ලිතුවේනියානු කෘෂිකර්ම අමාත්‍ය කාසිස් ස්ටාර්කෙවිසියස්, නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ අමිතා මොහොමඩ්, කොරියානු ජාතික ධීවර හා පර්යේෂණ සංවර්ධන ආයතනයේ සභාපති ජේ. හැක් සන් යන මහත්වරු සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා