මාධ්‍යවේදීන්ගේ නිදහස් සිනමා ප්‍රවේශපත්‍රයට ‘ලෙඩ’ අදින සිනමාහල් දැඩිව හෙළා දකිනවා

මාධ්‍යවේදීන්ගේ නිදහස් සිනමා ප්‍රවේශපත්‍රයට ‘ලෙඩ’ අදින සිනමාහල් දැඩිව හෙළා දකිනවා

චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ

සිනමා කර්මාන්තය සහ මාධ්‍යවේදීන් අතර සුහදතාවය පවත්වාගෙන යාමේ අරමුණින් මාධ්‍යවේදීන් වෙත නිකුත් කරනු ලැබු නිදහස් මාධ්‍ය සිනමා ප්‍රවේශපත්‍ර ඇතැම් සිනමා මණ්ඩලවලින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා බලවත් විරෝධය දක්වා ඇත.

අදාළ නිදහස් මාධ්‍ය සිනමා ප්‍රවේශපත්‍රය සඳහා ප්‍රදර්ශන මණ්ඩල, සිනමා ශාලා සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් විශාල සහයෝගයක් ලැබුණ මුත් ඉතා මෑතක සිට ඇතැම් සිනමා ශාලාවලදී මාධ්‍යවේදීන්ව බලවත් අපහසුතාවයකට පත්කර ජාතික චිත්‍රපට සංස්ථාවද අපකීර්තියට පත් කරමින් මෙම නිදහස් ප්‍රවේශපත්‍රය ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රදර්ශක මණ්ඩල හා සිනමා ශාලා අත්තනෝමතික ලෙස එවැනි තීරණයක් ගනු ලැබුවේ නම් ඒ සම්බන්ධව ජාතික චිත්‍රපට සංස්ථාව දැනුවත් කිරීමේ සදාචාරාත්මක යුතුකම මෙතෙක් ඉටුවී නොමැති බවත් ජාතික චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා