මිරිස් ආනයනය නතර කරනවා?

මිරිස් ආනයනය නතර කරනවා?

(2012/08/2810:35) දේශීය මිරිස් ගොවියා ආරක්ෂා කිරීම සඳහා මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

දේශීය මිරිස් ගොවියා දිරි ගැන්වීමේ වැඩසටහන් හා මිරිස් නිෂ්පාදනය වැඩි කිරීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කර මිරිස් ආනයනය නතර කිරීමේ මුලික පියවර තබන බවද අබේවර්ධන මහතා කීවේය.

දේශීය ගොවියා ආරක්ෂා කිරිම වෙනුවෙන් මේ වන විටත් රජය ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් සඳහා බදු පනවා තිබෙන බවත් ඇමැතිවරයා ‍සඳහන් කළේය.

මිරිස් ඇතුලු දේශීය නිෂ්පාදනවල අස්වැන්න වර්ධනය කිරීමේ අරමුණෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නවීන තාක්ෂ‍ණයෙන් යුතු කෘෂිකර්මාන්තයක් ගොවි ජනතාවට හදුන්වා දී තිබෙන බව කී ඇමැතිවරයා එමඟින් එට ස්වයංපෝෂිත කර වාණිජ කෘෂිකර්මාන්තය නංවාලීමේ උත්සාහයක ද දෙපාර්තමේන්තුව නියැළි සිටින බවද කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා