|
||||
ගල්අඟුරු නිධි පවරා දීමට එරෙහි ජනතා උද්ඝෝෂණයට කළු ගෑස්සෝනියා-මන්මෝහන්ගේ නිවෙස් වෙත යෑමත් වැළකේ ඉන්දියාවේ ගල්අඟුරු නිධි පවරා දීමේ මතභේදාත්මක ප්‍රශ්නය හේතු කොටගෙන කුපිත වූ සිය ගණනක පිරිස පෙරේදා නවදිල්ලියේ උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වූ අතර ඔවුන් විසුරුවාලමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මේ උද්ඝෝෂකයන් අගමැති මන්මෝහන්සිංගේ හා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ නේවාසික ස්ථාන වෙත ගමන් කිරීමට තැත් කිරීමේදී පොලීසිය ඔවුන්ට ජල තුවක්කු ප්‍රහාර එල්ල කළ බව ද සඳහන්ය. විනිවිදභාවයෙන් තොර ක්‍රියාවලියකින් ගල්අඟුරු නිධි කැණීමේ අයිතිය පෞද්ගලික සමාගම්වලට පැවරීමෙන් එම සමාගම් 2004 සිට අධි ලාබ ලබාගෙන ඇති අතර ඉන් රජයට හිමිවිය යුතු විශාල ධනස්කන්ධයක් අහිමිවූ බවට විගණකාධිපති වාර්තාවක් නිකුත් වීමෙන් පසු අගමැති සිංට එරෙහි දැඩි විරෝධයක් මතුව තිබේ. 2004-2009 අතර කාලයේ ගල් අඟුරු කටයුතු ඇමැති ධුරය දරන ලද්දේ ද මන්මෝහන් සිං විසිනි . එහෙත් ඉන්දීය රජය පවසා ඇත්තේ එවකට විවෘත ටෙන්ඩර් කැඳවීමකට ගත් ප්‍රයත්නයට විපක්ෂ භාරතීය ජනතා පක්ෂයේ බලය පැවැති ප්‍රාන්ත ආණ්ඩු විරෝධය පළ කළ බවය. මේ සම්බන්ධයෙන් ජනප්‍රිය දූෂණ විරෝධී ක්‍රියාකාරිකයකු වන අන්නා හසාරේ පවසන්නේ රජයත් විරුද්ධ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයත් අතිනත ගෙන මෙහිදී කටයුතු කර ඇති බවය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |