ළමා අපයෝජන වැළැක්වීමේ විශේෂ වැඩමුළුවක්

(2012/08/29/15:10) රට පුරාම ළමා අපයෝජන රැල්ලක් ඇතිවී තිබෙනවා. අපයෝජන සිද්ධීන් වැඩිවීමත් සමඟ මවුපියන්ට ගුරුවරුන්ට පොලිසියට චෝදනා එල්ල වෙනවා.

විස්තර»

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංවර්ධනයට යුරෝපා සංගමයෙන් කෝටි 900ක්

(2012/08/29/14:35)ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 60ක (රුපියල් කෝටි 900) මුදලක් ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.

විස්තර»

* සතිපොළ  වහලා රුපියල් 
   ලක්ෂ 30 ක් අපතේ


*
ත්‍රීවීල් - බස් එකට ගැටී
   හයදෙනෙක් මරු තුරුලට

* ඌව නෙක්ස්ට් පිල අවසන්
   මහ තරඟයට

 

ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන සංවර්ධන කටයුතු ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012.08.25 රත්නපුරයේදී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ජාතීන් අතර සහෝදරත්වය නැති කිරීමට
කාටවත් ඉඩ නැහැ

සියලු ජනයාගේ නායකයා මෙන්ම
ආඩම්බරකාර බාරකාරයා මමයි

පටු ජාතිවාදීන්ට යට නොවී
ජාතික සමඟිය උදෙසා එක් වෙමු

සමන්තුරේ රැලියේ දි ජනපති කියයි

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් අතර තිබෙන සහෝදරත්වය නැති කරන්නට ජාතිවාදීන් කිසිවකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. සියලු ජනතාවගේ නායකයා මෙන්ම ආඩම්බරකාර බාරකාරයා වශයෙන් ජාතික සමඟිය වෙනුවෙන් තමන්ට පැවරී ඇති වගකීම අකුරටම ඉටු කරන බව පැවසූ....

විස්තර»

තොරතුරු තාක්ෂණය සඳහා ම
වෙන් වූ සරසවියක්

තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහාම වූ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අනාවරණය කරයි. ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ (WTC) ස්ථාපිත කර ඇති ලංකා රාජ්‍ය ජාල මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

විස්තර»

චීන ආරක්ෂක ඇමැතිවරයෙක්
පළමු වරට අද ශ්‍රී ලංකාවට

නිල සංචාරයක් සඳහා චීනයේ ආරක්ෂක ඇමැති ලියන් ගුවන්ග්ලි මහතා අද (29) ශ්‍රී ලංකාවට පැමිණෙයි. චීනයේ ආරක්ෂක ඇමැතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර ඒ මහතා සමඟ එරට ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයන් පිරිසක්ද පැමිණෙති.

විස්තර»

සරසවි අඩපණ කරන ඇතැම් ඇදුරෝ පෞද්ගලික සරසවිවල වැඩ

- පියසිරි විජේනායක

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපන කරමින් වර්ජනයේ යෙදෙන ඇතැම් ආචාර්යවරු පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගැන්වීම් කරන බවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා චෝදනා කරයි.ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දමා පෞද්ගලික විශ්වවිද්‍යාල....

විස්තර»

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිපෑඩ්
විද්යුත් පියාසර මෙවලම

ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (29) සිට අයිපෑඩ් විද්යුත් පියාසර මෙවලම භාවිතා කරන ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත් වෙයි. ග්‍රෑම් 662ක් බරැති විද්යුත් සිනිඳු ගමන් මල්ල නිසා අතිවිශාල අනිවාර්ය කඩදාසි....

විස්තර»

කපිලවස්තුපුර සර්වඥ ධාතු
අද ගම්පොළ

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව උදා කරමින් මෙරටට වැඩම කළ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද දින (29) ගම්පොළ නාරංවිට ඉහළවෙල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට වැඩමකරති.

විස්තර»

එක් දිනකදී කඩදාසි මෙ.ටොන් 19ක් නිපදවා

වාලච්චේන කඩදාසි කම්හල
වාර්තාවක් පිහිටුවයි

එක් දිනක දී කඩදාසි මෙට්‍රික් ටොන් 19 ක් නිපදවා වාලච්චේන ජාතික කඩදාසි සංස්ථාව පෙරේදා (27) වාර්තාවක් තැබීය. මීට මාස හතරකට පෙර බිඳ වැටී තිබූ ජාතික කඩදාසි සංස්ථාව නිසි බලධාරී දේශමාන්‍ය මංගල සී. සෙනරත් මහතාගේ මැදිහත්වීම හා කැපවීම මත මෙවන් දියුණුවක් ළඟා කරගෙන ඇතැයි එහි සේවකයෝ “දිනමිණ” ට ප්‍රකාශ කළහ.

විස්තර»

උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් වැලිකන්දේදී පැවැත්විණි. ඒ අවස්ථාවට සහභාගිවූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු කුඩා දැරියක් සමඟ සුහද පිළිසඳරක නිරතව සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද මෙහි සිටී.
ඡායාරූපය - සුදත් මලවීර

 
සිංහල, මුස්ලිම්, දමිළය, එක් දැයකට නැති
මම වෙමි හැම ජාතිකයක ම රටේම ජනපති
පන්සල, කෝවිල, පල්ලිය සුරකින්නෙමි නිති
කල්මුණේ දි ජනපති කී කතාව යහපති
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast