අධි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අවසන්

අධි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අවසන්

වවුනියා කිලිනොච්චි අධි සම්පේ‍්‍රෂණ මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට විදුලිබල මණ්ඩලය සමත්ව ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 3085 වැයවන අතර, ජපන් රජයෙන් දිගුකාලීන සහන පොළී මත ණය ආධාර ලෙස ලබාගෙන ඇත.

කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළට විදුලිය කැවීම ලබන මාසයේදී සිදු කිරිමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

කිලිනොච්චි උපපොළේ සිට යාපනයට සම්පේ‍්‍රෂණ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සම්පාදනය කරමින් සිටින බව කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළට විදුලිය කැවීම සිදුකරන බව ව්‍යාපෘති කළමනාකාර අනුරුද්ධ තිලකරත්න මහතා පවසයි.

කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළ සක‍්‍රිය වීමත් සමඟ දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් දක්වා වර්ධනය කරනවා සේම අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීමටත් හැකිවන බව ව්‍යාපෘති කළමනාකාර අනුරුද්ධ මහතා පෙන්වාදෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා