කිරිපිටි ටින් එකක් තුළ බුදු පිළිම 7ක්

කිරිපිටි ටින් එකක් තුළ බුදු පිළිම 7ක්

ගලහා පුපුරැස්ස වත්තේ ක්‍රීඩා පිටියක ක්‍රීකට් සෙල්ලම් කරමින් සිටි පිරිසකට කිරිපිටි ටින් එකක් තුළ බුදු පිළිම 7ක් හමුවී පුපුරැස්ස පොළිස් මුරපොළට දන්වා ඇත.

මේ පිළිබඳව ගලහා පොලීසිය ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී විමලදාස මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදු කෙරේ.

මේ බුදුපිළිම මෙම ස්ථානයට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන අතර එහි පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරු පරීක්ෂා කිරීම උදෙසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කර ඇතිබව ගලහා පොලීසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා