නියං විපත් පත් ගොවි ණය අය කිරීම අස්වනු නෙළන තෙක් අත්හිටුවයි

නියං විපත් පත් ගොවි ණය අය කිරීම අස්වනු නෙළන තෙක් අත්හිටුවයි

මුදල් අමාත්‍යාංශයට ජනපති නියෝග කරයි

නියඟයට ලක්වූ පළාත්වල ගොවීන් රාජ්‍ය බැංකු මඟින් ලබාගෙන තිබූ ගොවි ණය සඳහා ණය වාරික අයකරගැනීම සහ ගොවි ණය වෙනුවෙන් උකස් කර තිබූ උකස් භාණ්ඩවල වාරික අය කරගැනීම 2012 හා 2013 මාස් කන්නයේ අස්වැන්න නෙළන තෙක් අත්හිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යාංශයට නියෝග කොට තිබේ.

ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සමුපකාර ග්‍රාමීය බැංකුවෙන් ණය ලබාගෙන තිබූ ගොවීන්ට මේ සහනය ලැබෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා